Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 49:31 - Sinhala Revised Old Version

31 ඔව්හු එහි ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාවවූ සාරා තැන්පත්කළෝය; ඔව්හු එහි ඊසාක් සහ ඔහුගේ භාර්යාවවූ රෙබෙකාද තැන්පත්කළෝය; එහි මමද ලෙයා තැන්පත්කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 49:31
10 හුවමාරු යොමු  

ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.


ඔහුගේ පුත්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය;


ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.


මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.


මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.


ආබ්‍රහම් තමාගේ මළ තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත්‍රයන්ට කථාකරමින්:


ඒ කෙත සහ එහි තිබෙන ගුහාවත් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගන්නාලදැයි කීවේය.


ඒක ආබ්‍රහම් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගත්තාවූ කෙතය. එහි ආබ්‍රහම්ද ඔහුගේ භාර්යාවවූ සාරාද තැන්පත් කරනලද්දෝය.


ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්