මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.
උත්පත්ති 49:26 - Sinhala Revised Old Version නුඹේ පියාගේ ආශීර්වාද මාගේ පියවරුන්ගේ ආශීර්වාදවලට වඩා අධිකවී සදාකාල කඳුවල ඉතා දුර සීමාව දක්වා ගියේය. ඒවා යෝසෙප්ගේ හිස පිටත් තමන් සහෝදරයන්ගෙන් වෙන්ව සිටි තැනැත්තාගේ හිස්මුදුන පිටත් වන්නේය. Sinhala New Revised Version ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා! Sinhala New Revised Version 2018 ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා! |
මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.
එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.
ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.
කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.
උන්වහන්සේ සිට, පොළොව සෙලෙවූසේක; උන්වහන්සේ බලා, ජාතීන් වෙවුලෙවුසේක. සදාකාල කඳු විසිරුණේය, පුරාණ හෙල්ද නැමුණේය; උන්වහන්සේගේ ගමන් පුරාණෙහි මෙන් විය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල,
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,