උත්පත්ති 49:19 - Sinhala Revised Old Version ගාද්ට විරුද්ධව බලසමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය. Sinhala New Revised Version ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි! Sinhala New Revised Version 2018 ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි! |
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.
අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.