මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.
උත්පත්ති 49:14 - Sinhala Revised Old Version ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක. Sinhala New Revised Version ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි. Sinhala New Revised Version 2018 ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි. |
මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.
ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්‍රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.
ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.
රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ නුඹලා බැටළු ගාල්වල සයනය කරන්නහුද?
එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය.
ඔහු සාබුලොන් ගැන කියනුයේ–එම්බා සාබුලොන්, නුඹේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, නුඹේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න.
අබිමෙලෙක්ට පසුව ඉස්සාඛර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පූවාගේ පුත්‍රවූ තෝලා ඉශ්‍රායෙල් ගළවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම් කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය.