Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:70 - Sinhala Revised Old Version

70 උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන, බැටළු ගාල්වලින් ඔහු ගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

70 එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක; බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

70 එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක; බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:70
13 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.


එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.


දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි,


දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.


ඉතින් එන්න, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමියි කීසේක.


මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය තැබීමට ගෘහයක් ගොඩනගන පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරානොගෙන, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානව සිටීමට දාවිත් තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් ඒක ඉෂ්ටකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්