මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
උත්පත්ති 48:6 - Sinhala Revised Old Version මොවුන්ට පසු නුඹට උපදින දරුවෝ නුඹට වන්නෝය; ඔව්හු තමන් උරුම ගැන තමන් සහෝදරයන්ගේ නාම ලබන්නෝය. Sinhala New Revised Version එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය. |
මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
මා පදන්හි සිට එද්දී, කානාන් දේශයෙහි එප්‍රාත්ට පැමිණෙන්ට ටිකක් දුර තිබියදී, රාඛෙල් මගදී මා ළඟ මළාය. මම ඈ එප්‍රාත්ට (එනම් බෙත්-ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කෙළෙමියි කීවේය.
මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.