උත්පත්ති 48:17 - Sinhala Revised Old Version යෝසෙප් තමාගේ පියාණන් තම දකුණත එප්‍රායිම්ගේ හිස පිට තබන බව දැක ඊට අප්‍රසන්නවී තමාගේ පියාගේ අත එප්‍රායිම්ගේ හිසින් අහක්කොට මනස්සේගේ හිස පිට තබන පිණිස ඒක ඉස්සුවේය. Sinhala New Revised Version සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන, Sinhala New Revised Version 2018 සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන, |
ඉශ්‍රායෙල් තමාගේ දකුණත දිගුකොට බාලයාවූ එප්‍රායිම්ගේ ඉස පිටද මනස්සේ කුලුඳුලා නුමුත් තමාගේ වමත මනස්සේගේ ඉස පිටද දැනගනම අත් හරවමින් තැබුවේය.
තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.
ඔම්රී ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකෙළේය.
සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.
බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.
ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:
යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.