Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 48:18 - Sinhala Revised Old Version

18 තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:18
11 හුවමාරු යොමු  

මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි.


නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය.


නුමුත් නුවණ ඇත්තියෝ උත්තරදෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගන්නැයි කීවෝය.


එසේ නොවේ. නුඹලාගේ පිරිමි පක්ෂය ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; මක්නිසාද නුඹලාගේ ඉල්ලීම ඒකයයි ඔවුන්ට කීවේය. තවද ඔව්හු ඵාරාවෝ ඉදිරියෙන් පන්වනලද්දෝය.


රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.


ඔව්හු ඔහු ඉදිරියෙහි වැඩිමලා තමාගේ කුලුඳුල්කම ලෙසද බාලයා තමාගේ බාලකම ලෙසද හිඳගන උන්නෝය. ඊට ඒ මනුෂ්‍යයෝ පුදුමයෙන් ඔවුනොවුන් දෙස බැලුවෝය.


එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි.


රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත්‍ර රැගෙන ඇගේ බාල පුත්‍රවූ යාකොබ්ට අන්දවා,


එවිට ලොත්: අනේ මාගේ ස්වාමීනි, එසේ නොවේවා.


යෝසෙප් තමාගේ පියාණන් තම දකුණත එප්‍රායිම්ගේ හිස පිට තබන බව දැක ඊට අප්‍රසන්නවී තමාගේ පියාගේ අත එප්‍රායිම්ගේ හිසින් අහක්කොට මනස්සේගේ හිස පිට තබන පිණිස ඒක ඉස්සුවේය.


ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්