තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.
උත්පත්ති 48:10 - Sinhala Revised Old Version වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් හොඳට නොපෙනී අඳුරුව තිබුණේය. ඔහුද ඔවුන් ඔහු ළඟට ගෙනායේය; ඔහු ඔවුන් සිඹ වැලඳගත්තේය. Sinhala New Revised Version වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය. Sinhala New Revised Version 2018 වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය. |
තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.
එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.
ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.
තවද ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ මුහුණ දකින්ට ලැබේයයි නොසිතුවෙමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය.
එවිට ඔහු ගවයන් අත්හැර එලියා පස්සේ දුවගොස්: මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්ට මට අවසර ලැබේවා, ඉන්පසු ඔබ අනුව එන්නෙමියි කීවේය. ඔහුද: හැරී යන්න; මම නුඹට කුමක් කෙළම්දැයි ඔහුට කීවේය.
ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.