එබැවින් නුඹ මටවත් මාගේ දරු මුණුබුරන්ටවත් වංචාවක් නොකරන හැටියටද, මා විසින් නුඹට කළ කරුණාව ලෙස නුඹ මටත් නුඹ විදේශීව සිටින මේ දේශයටත් කරන හැටියටද, දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් මෙහිදී මට දිවුරන්නැයි කීවේය.
උත්පත්ති 47:31 - Sinhala Revised Old Version එවිට ඔහු: මට දිවුරන්නැයි කීය. ඔහු දිවුළේය. ඉශ්‍රායෙල් ඇඳ ඉද්දර දෙසට හැරී නමස්කාරකෙළේය. Sinhala New Revised Version තවද, ජාකොබ් කතා කොට, “එය ගැන මට දිවුරන්නැ”යි ඉල්ලුවෙන් ජෝසෙප් ද ඔහු ඉදිරියෙහි දිවුළේ ය. එවිට ඉශ්රායෙල් යහනේ ඇන්ද මත ඇළ විය. Sinhala New Revised Version 2018 තවද, ජාකොබ් කතා කොට, “එය ගැන මට දිවුරන්නැ”යි ඉල්ලුවෙන් ජෝසෙප් ද ඔහු ඉදිරියෙහි දිවුළේ ය. එවිට ඉශ්රායෙල් යහනේ ඇන්ද මත ඇළ විය. |
එබැවින් නුඹ මටවත් මාගේ දරු මුණුබුරන්ටවත් වංචාවක් නොකරන හැටියටද, මා විසින් නුඹට කළ කරුණාව ලෙස නුඹ මටත් නුඹ විදේශීව සිටින මේ දේශයටත් කරන හැටියටද, දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් මෙහිදී මට දිවුරන්නැයි කීවේය.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.
ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
තවද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලා වදාරනවා ඇත, එවිට නුඹලා මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.
මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.
ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.
යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය.