එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය.
උත්පත්ති 46:9 - Sinhala Revised Old Version රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. Sinhala New Revised Version රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; Sinhala New Revised Version 2018 රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; |
එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය.
සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.
මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය.
තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය.
තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වශයෙන් නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
රූබෙන්වරුන්ගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ සතළිස් තුන්දාස් හත්සිය තිස්දෙනෙක්ය.