ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
උත්පත්ති 46:5 - Sinhala Revised Old Version පසුව යාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත්වුණේය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ ඔහු ගෙනයන පිණිස ඵාරාවෝ එවූ ගැල්වලින් තමන්ගේ පියවූ යාකොබ්ද තමන් දරුවන්ද භාර්යාවන්ද ගෙන ගියෝය. Sinhala New Revised Version පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ. Sinhala New Revised Version 2018 පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ. |
ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
දැනුදු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න–නුඹලා නුඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, නුඹලාගේ පියා කැඳවාගෙන එන්න.
ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.
ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.
එවිට ඵාරාවෝ මෝසෙස්ට හඬගසා: නුඹලා ගොස් ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න; නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද පමණක් නවතීවා. නුඹලාගේ බාලයෝද නුඹලා සමඟ යෙත්වයි කීවේය.
අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය.
යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.