ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 46:19 - Sinhala Revised Old Version

යාකොබ්ගේ භාර්යාවවූ රාඛෙල්ගේ පුත්‍රයෝ, යෝසෙප් සහ බෙන්යමින්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 46:19
18 හුවමාරු යොමු  

යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.


තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය.


රාඛෙල්ගේ පුත්‍රයෝ යෝසෙප් සහ බෙන්යමින්ය.


යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.


ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය.


ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.


යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.


දාන්, යෝසෙප්, සහ බෙන්යමින්ය, නප්තලී, ගාද් සහ ආෂෙර්ය.


ඉස්සාඛර්, සාබුලොන් සහ බෙන්යමින්; දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර්ය.


යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය.