ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 46:15 - Sinhala Revised Old Version

මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 46:15
14 හුවමාරු යොමු  

ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.


ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.


ලෙයාගේ පුත්‍රයෝ: යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාඛර් සහ සාබුලොන්ය.


සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.


ගාද්ගේ පුත්‍රයෝ, ශිඵියොන්, හග්ගි, ෂුනී, එශ්බොන්, ඒරි, අරෝදි සහ අරේලීය.


ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය;