ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 44:28 - Sinhala Revised Old Version

එක්කෙනෙක් මා කෙරෙන් ගියේය, සැබවින්ම ඔහු ඉරාදමනලද්දේයයි කීමි; එදා පටන් ඔහු නුදුටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 44:28
5 හුවමාරු යොමු  

ඔව්හු යෝසෙප්ගේ සළුව ගෙන, එළුවෙකු මරා සළුව ලෙයෙහි ගල්වා,


ඔහු ඒක හැඳින: මේ මාගේ පුත්‍රයාගේ සළුවය; චණ්ඩ මෘගයෙක් ඔහු කාදමා තිබේ; යෝසෙප් ඉරාදමනු ලැබුවාට අනුමාන නැතැයි කීවේය.


ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.


නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.