Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 37:33 - Sinhala Revised Old Version

33 ඔහු ඒක හැඳින: මේ මාගේ පුත්‍රයාගේ සළුවය; චණ්ඩ මෘගයෙක් ඔහු කාදමා තිබේ; යෝසෙප් ඉරාදමනු ලැබුවාට අනුමාන නැතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 37:33
10 හුවමාරු යොමු  

එක්කෙනෙක් මා කෙරෙන් ගියේය, සැබවින්ම ඔහු ඉරාදමනලද්දේයයි කීමි; එදා පටන් ඔහු නුදුටිමි.


දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක.


නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.


ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.


ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.


අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය.


නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.


අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.


තවද ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ මුහුණ දකින්ට ලැබේයයි නොසිතුවෙමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්