ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.
උත්පත්ති 43:25 - Sinhala Revised Old Version තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය. Sinhala New Revised Version එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. Sinhala New Revised Version 2018 එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. |
ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.
ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය.
යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.