ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 42:8 - Sinhala Revised Old Version

යෝසෙප් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔව්හු ඔහු ඇඳිනනොගත්තෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 42:8
5 හුවමාරු යොමු  

යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.


යෝසෙප් මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි තිස් අවුරුදු වයස්විය. ඔහු ඵාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශය මුළුල්ලෙහි ගමන්කෙළේය.


නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.


ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.


පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.