Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 20:14 - Sinhala Revised Old Version

14 ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මෙසේ කියා ආපසු හැරුණු ඈ යේසුස්වහන්සේ එතැන සිටගෙන සිටිනු දුටුවා ය. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ඈ නො දත්තී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 20:14
10 හුවමාරු යොමු  

පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.


නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.


උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය.


එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය.


එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.


ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශවූසේක.


නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක.


යෝසෙප් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔව්හු ඔහු ඇඳිනනොගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්