ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.
උත්පත්ති 42:37 - Sinhala Revised Old Version එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්‍රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය. Sinhala New Revised Version එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. |
ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.
නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
මම ඔහු වෙනුවට ඇපකාරයෙක් වන්නෙමි; ඔබ මා අතින් ඔහු ඉල්ලනු මැනවි. ඉදින් මම ඔබ වෙතට ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි නොසිටෙවුවෙම් නම්, ඒ දෝෂය හැම කල්හි මා පිට වේවා.
දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද?