ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
උත්පත්ති 41:51 - Sinhala Revised Old Version යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය. Sinhala New Revised Version “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. Sinhala New Revised Version 2018 “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. |
ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
සාගත අවුරුද්ද පැමිණෙන්ට ප්‍රථම යෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා වැදුවාය.
මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵලකළසේකැයි කියා දෙවෙනියාට එප්‍රායිම් යන නාමය තැබීය.
මේ කාරණාවලට පසු: ඔබගේ පියාණෝ ලෙඩින් ඉන්නාහයි යෝසෙප්ට කියන ලද්දේය. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනාවූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමඟ ගෙනගියේය.
මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.
ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.
මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.
යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.