ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
උත්පත්ති 41:31 - Sinhala Revised Old Version පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය. Sinhala New Revised Version පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. Sinhala New Revised Version 2018 පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. |
ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
ඵාරාවෝට ස්වප්නය දෙවරක් පෙනුණේ ඒ කාරණය දෙවියන්වහන්සේ විසින් ස්ථිරකර තිබෙන නිසාය, දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉෂ්ටකරනසේක.
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.