මෙසේ උන් කාදැමූ පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය; උන්ගේ පෙනීම මුලදී මෙන්ම අවලක්ෂණව තිබුණේය. එවිට මම පිබිදුණෙමි.
උත්පත්ති 41:30 - Sinhala Revised Old Version ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය; Sinhala New Revised Version ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. |
මෙසේ උන් කාදැමූ පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය; උන්ගේ පෙනීම මුලදී මෙන්ම අවලක්ෂණව තිබුණේය. එවිට මම පිබිදුණෙමි.
උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය.
යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය.
යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය.
සාගතය මුළු පොළෝතලයෙහි විය. යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට වික්කේය; තවද සාගතය මිසර දේශයෙහි බලවත් විය.
දේශයෙහි කොතැනකවත් ආහාර නොතිබුණේය; මක්නිසාද සාගතය ඉතා බලවත් වූයේය, මිසර දේශයද කානාන් දේශයද සාගතය නිසා පිරිහී ගියාහ.
ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: නුඹ කැමති කොයි එකටද? නුඹේ දේශයේ සත් අවුරුද්දක් සාගතය නුඹට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් නුඹේ සතුරන් නුඹ පස්සේ එළවාගෙන එද්දී නුඹ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් නුඹේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය.
තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.
තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය.
එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.
සැබවක් නුඹලාට කියමි–එලියාගේ දවස්වලදී තුන් අවුරුදු සමසක් අහස පියවී, රට මුළුල්ලෙහි මහත් සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය නුමුත්,
එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය.