ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය.
උත්පත්ති 39:12 - Sinhala Revised Old Version ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය. Sinhala New Revised Version ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය. Sinhala New Revised Version 2018 ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය. |
ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය.
තවද මේ කාලයෙහි එක් දවසක ඔහු තමාගේ වැඩකරන පිණිස ගෙට අතුල් විය; ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් එහි ඇතුළෙහි නොසිටියේය.
එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;
ඒවා ඔහුට කන්ට ළඟට ගෙනගිය විට ඔහු ඈ අල්වා: මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැයි ඈට කීවේය.
එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.
ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.