අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය.
උත්පත්ති 38:25 - Sinhala Revised Old Version ඈ පිටතට ගෙනෙනු ලැබූ කල්හි ඈ කථාකොට: මේ දේ අයිති මනුෂ්‍යයා කරණකොටගෙන මම ගර්භිණීව සිටිමි. මේ මුද්‍රාවද මාලයද සැරයටියද කාගේදැයි විමසා බලන ලෙස නුඹෙන් ඉල්ලමියි ඇගේ මාමණ්ඩියට කියා ඇරියාය. Sinhala New Revised Version ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය. |
අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය.
කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. නුඹේ මුද්‍රාවත් නුඹේ මාලයත් නුඹේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.
මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.