ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 38:20 - Sinhala Revised Old Version

යූදා ඒ ස්ත්‍රිය අතින් තමාගේ උකස ගන්න පිණිස අදුල්ලමියවූ තමාගේ මිත්‍රයා අත එළුපැටවා යැවීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 38:20
8 හුවමාරු යොමු  

එකල අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක්‍රියාවල් කෙළෙහියයි කීය.


ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරා නම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.


ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.


එහෙත් ඈ ඔහුට සම්බවුණේ නැත. එවිට ඔහු ඈ සිටි ස්ථානයෙහි මනුෂ්‍යයන්ගෙන්: මාවත ළඟ ඒනයිම්හී සිටියාවූ වේශ්‍යාව කොතනදැයි ඇසුවේය. මෙහි වේශ්‍යාවක් සිටියේ නැතැයි ඔව්හු කීවෝය.


නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.


නුඹේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.


හෙරොද්ද පිලාත්ද ඒ දවසේදීම මිත්‍රවූවෝය. මක්නිසාද ඔව්හු පළමු එදිරිව සිටියෝය.


සම්සොන්ගේ භාර්යාවද ඔහු යහළුවා කොට ගත් ඔහුගේ සමාගම්කාරයාට දෙන ලද්දීය.