රැළෙන් එළු පැටවෙකු නුඹට එවන්නෙමියි ඔහු කීය. ඈ නුඹ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.
උත්පත්ති 38:18 - Sinhala Revised Old Version කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. නුඹේ මුද්‍රාවත් නුඹේ මාලයත් නුඹේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය. Sinhala New Revised Version එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය. |
රැළෙන් එළු පැටවෙකු නුඹට එවන්නෙමියි ඔහු කීය. ඈ නුඹ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.
ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් නුඹ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ නුඹේ පුත්‍රයාගේ භාර්යාවය; නුඹ ඇගේ නග්නභාවය නෑරිය යුතුය.
නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.