Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:17 - Sinhala Revised Old Version

17 රැළෙන් එළු පැටවෙකු නුඹට එවන්නෙමියි ඔහු කීය. ඈ නුඹ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:17
8 හුවමාරු යොමු  

සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් නුඹ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ට නුඹේ තෑගි දී, නුඹ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම නුඹ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය.


යූදා ඒ ස්ත්‍රිය අතින් තමාගේ උකස ගන්න පිණිස අදුල්ලමියවූ තමාගේ මිත්‍රයා අත එළුපැටවා යැවීය.


අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න; අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න.


ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, නුඹ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: නුඹ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.


කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. නුඹේ මුද්‍රාවත් නුඹේ මාලයත් නුඹේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.


ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේදී සම්සොන් එළු පැටවකු රැගෙන තමාගේ භාර්යාව බලන්ට ගොස්: මාගේ භාර්යාව වෙතට ඇතුල් ගෙට යමියි කීය. එහෙත් ඇගේ පියා ඔහුට යන්ට නොදී:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්