යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.
උත්පත්ති 37:12 - Sinhala Revised Old Version ඔහුගේ සහෝදරයෝ තමන් පියාගේ රැළ පෝෂණයකරන පිණිස ෂෙඛෙම්ට ගියෝය. Sinhala New Revised Version ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. Sinhala New Revised Version 2018 ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. |
යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.
නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.