ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
උත්පත්ති 36:18 - Sinhala Revised Old Version ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය. Sinhala New Revised Version ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය. Sinhala New Revised Version 2018 ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය. |
ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
ඒසව්ගේ පුත්‍රවූ රෙවුයෙල්ගේ පුත්‍රයෝ: අධිපතිවූ නහත්, අධිපතිවූ ශෙරා, අධිපතිවූ ෂම්මා සහ අධිපතිවූ මිස්සාය. මොව්හු ඒදොම් දේශයෙහි රෙවුයෙල්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ඒසව්ගේ භාර්යාවවූ බාසෙමත්ගේ පුත්‍රයෝය.
ඒසව් කානාන්හි දූවරුන්ගෙන් හිත්තීය එලොන්ගේ දූවූ ආදාද හිවීය ශිබෙයොන්ගේ දූවූ අනාගේ දූවූ ඔහොලිබාමාද
ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.