මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.
උත්පත්ති 34:22 - Sinhala Revised Old Version නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය. Sinhala New Revised Version එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය. Sinhala New Revised Version 2018 එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය. |
මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.
මේ මනුෂ්‍යයෝ අප හා සමගිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු.
ඔවුන්ගේ ගවයෝද ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ සියලු මෘගයෝද අපට අයිති නොවන්නෝද? ඔවුන්ගේ අභිප්‍රායට එකඟවමු, එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝයයි කීවෝය.