ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 34:10 - Sinhala Revised Old Version

මෙසේ නුඹලා අප සමඟ වාසය කරන්නහුය. දේශයද නුඹලා ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 34:10
7 හුවමාරු යොමු  

මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.


අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.


ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබේවා, නුඹලා මට කියන දේ දෙන්නෙමි.


තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් නුඹලාගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් නුඹලාට ගන්න ලෙසත් ඉල්ලමි.


නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට නුඹලා ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා නුඹලාට භාරදෙන්නෙමි, නුඹලාට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.


ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.