Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 20:15 - Sinhala Revised Old Version

15 අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 20:15
5 හුවමාරු යොමු  

මෙසේ නුඹලා අප සමඟ වාසය කරන්නහුය. දේශයද නුඹලා ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය.


මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.


මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.


ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.


නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට නුඹලා ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා නුඹලාට භාරදෙන්නෙමි, නුඹලාට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්