ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 31:39 - Sinhala Revised Old Version

වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 31:39
9 හුවමාරු යොමු  

දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.


දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය.


නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.


සියලු අපරාධ කාරණා ගැන එනම් ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍රයක් ගැන හෝ නැතිවූ කොයි ප්‍රකාර දෙයක් ගැන හෝ මේ ඒකයයි යමෙක් කීවොත් දෙපක්ෂයේ කාරණය දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා; දෙවියන්වහන්සේ විසින් වරදට පත්කරන තැනැත්තා තමාගේ අසල්වාසියාට දෙගුණයක් දිය යුතුය.


ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.


තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය.