Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:39 - Sinhala New Revised Version

39 තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:39
9 හුවමාරු යොමු  

තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ.


ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.


“නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”


මේ අවුරුදු විස්ස මම ඔබ සමඟ සිටියෙමි. ඔබේ බැටළු දෙනුන් හා එළු දෙනුන්ගෙන් කිසිවෙකු ගබ්සා වූයේ නැත. ඇරත් ඔබේ රැළවල, එක බැටළුවෙක් වත් මම නොකෑවෙමි.


දවල් කාලයේ දී අවු රස්නයෙන් ද රාත්‍රි කාලයේ දී ශීතලයෙන් ද මම වැහැරී ගියෙමි. නින්ද පවා මාගේ ඇස්වලින් බැහැර ගියේය.


“විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්