එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
උත්පත්ති 31:14 - Sinhala Revised Old Version එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද? Sinhala New Revised Version එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද? Sinhala New Revised Version 2018 එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද? |
එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
මම වනාහි නුඹ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය.
ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය.
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.