තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය.
උත්පත්ති 30:37 - Sinhala Revised Old Version යාකොබ් වනාහි ලිබ්නෝ, ලූස්, ආර්මොන් යන ගස්වලින් අමු කෝටු රැගෙන සුදු රේඛා වශයෙන් කොටුවල සුද පෙනෙන හැටියට ඒවායේ පොතු ඇර, Sinhala New Revised Version ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, Sinhala New Revised Version 2018 ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා, |
තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය.
සිව්පාවන් බොන්ට ආකල පොතු ඇරිය කෝටු වතුර වත්කරන ඔරුවල උන් ඉදිරිපිට තැබුවේය; සිව්පාවෝ බොන්ට ආ කල ගැබ්ගත්හ.
ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: යෙරෙමියා නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: කොට්ටම්බා අත්තක් මට පෙනේයයි කීමි.
දෙවියන්වහන්සේගේ උයනේ කිහිරි ගස්වලට ඒක සැඟවී නොතිබුණේය. දේවදාර ගස් එහි අතුවලට සමාන නොවීය, අර්මොන් ගස් එහි රිකිලිවලට සමව නොතිබුණේය; දෙවියන්වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නොවීය.