ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.
උත්පත්ති 30:3 - Sinhala Revised Old Version එවිට රාබෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් බිහිකර දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන පිණිසද ඈ කරා එළඹෙන්න කියා Sinhala New Revised Version ඈ ද කතා කරමින්, “මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය. Sinhala New Revised Version 2018 ඈ ද කතා කරමින්, “මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය. |
ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.
ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය.
එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.