Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 30:9 - Sinhala Revised Old Version

9 ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:9
8 හුවමාරු යොමු  

ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය.


ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය.


ඈ නැවතද ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ බිහිකිරීම නැවතුණේය.


ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.


දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත්‍රයෙකු බිහිකළාය.


තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.


එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.


ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්