උත්පත්ති 3:11 - Sinhala Revised Old Version උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. Sinhala New Revised Version එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. Sinhala New Revised Version 2018 එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. |
මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.
මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.