උත්පත්ති 29:10 - Sinhala Revised Old Version තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළින් කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය. Sinhala New Revised Version ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය. Sinhala New Revised Version 2018 ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය. |
ඔහු ඔවුන් සමඟ කථාකරද්දීම රාඛෙල් තම පියාගේ බැටළුවන් සමඟ ආවාය; මක්නිසාද ඈ බැටළුපාළියක් වූවාය.
ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.
එඬේරු අවුත් ඔවුන් එළෙවුවෝය. එහෙත් මෝසෙස් නැගිට ඔවුන්ට උපකාර කොට ඔවුන්ගේ සිව්පාවුන්ට වතුර පෙවුවේය.