සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.
උත්පත්ති 28:16 - Sinhala Revised Old Version යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී: Sinhala New Revised Version ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. Sinhala New Revised Version 2018 ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. |
සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.
බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක. දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?
ඔහු බලන පිණිස හැරී යන බව ස්වාමීන්වහන්සේ දුටුකල දෙවියන්වහන්සේ පඳුර මධ්‍යයෙන්: මෝසෙස්, මෝසෙස් කියා ඔහුට හඬගැසූසේක. මම මෙහියයි ඔහු කීවේය.
උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.
සේනාවල ස්වාමීන්වහන්සේම ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.
ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.
තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.
ස්වාමීන්වහන්සේගේ සේනාපතියාද: නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය.