ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 27:22 - Sinhala Revised Old Version

එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 27:22
4 හුවමාරු යොමු  

සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය.


තවද ඊසාක්: මාගේ පුත්‍රය, නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා නුඹ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය.


ඔහුගේ අත් ඔහුගේ සහෝදරවූ ඒසව්ගේ අත් මෙන් ලෝමිකව තිබුණු බැවින් ඊසාක් ඔහු නොහැඳින ඔහුට ආශීර්වාදකෙළේය.


ඔව්හු මීකාගේ ගේ ළඟ සිටිද්දී ලෙවීයයාවූ තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කථාකොට: නුඹ මෙහි ගෙනාවේ කවුද? මෙතන නුඹ කරන්නේ මොකද? මෙහි නුඹට ඇත්තේ කිමෙක්දැයි ඇසුවෝය.