Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:3 - Sinhala Revised Old Version

3 ඔව්හු මීකාගේ ගේ ළඟ සිටිද්දී ලෙවීයයාවූ තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කථාකොට: නුඹ මෙහි ගෙනාවේ කවුද? මෙතන නුඹ කරන්නේ මොකද? මෙහි නුඹට ඇත්තේ කිමෙක්දැයි ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:3
6 හුවමාරු යොමු  

ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.


එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!


ඔහු: නැතැයි කීවොත්, ෂිබ්බොලෙත්ය කියන්නැයි ඔව්හු ඔහුට කියති; ඔහුට ඒක හරියට ශබ්දකරන්ට නොහැකිව, සිබ්බොලෙත්ය කීවොත් ඔව්හු ඔහු අල්ලා යොර්දාන් තොටුපල් ළඟදී මරති. ඒ ප්‍රස්තාවේදී එප්‍රායිම්වරුන්ගෙන් සතළිස් දෙදාහක් මැරුම් කෑවෝය.


එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය.


දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.


ඔහුද: මීකා මට මේ මේ ආකාර කර, මා ඔහුගේ පූජකයාව සිටින පිණිස මා කුලියට ගත්තේයයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්