ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 22:20 - Sinhala Revised Old Version

තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් නුඹේ සහෝදරවූ නාහොර් නිසා පුත්‍රයන් වැදුවායයි ආබ්‍රහම්ට කියනලද්දේය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉනික්බිති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉනික්බිති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 22:20
10 හුවමාරු යොමු  

තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.


තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;


ආබ්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය; ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය.


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


එනම්, ඔහුගේ කුලුඳුලාවූ ඌශ්ද ඔහුගේ සහෝදරවූ බූශ්ද ආරම්ගේ පියාවූ කෙමුවෙල්ද,


එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය.


තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.


ඈද: මම වනාහි නාහොර් නිසා මිල්කා බිහිකළ පුත්‍රයාවූ බෙතුයෙල්ගේ දුවයයි ඔහුට කීවාය.


ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.


දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.