Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 24:24 - Sinhala Revised Old Version

24 ඈද: මම වනාහි නාහොර් නිසා මිල්කා බිහිකළ පුත්‍රයාවූ බෙතුයෙල්ගේ දුවයයි ඔහුට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඈ ද, “මම, නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඈ ද, “මම, නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 24:24
8 හුවමාරු යොමු  

තවද ඔහු කථාකොට නිමවන්නට පළමුවෙන්, බලව, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය.


බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.


තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් නුඹේ සහෝදරවූ නාහොර් නිසා පුත්‍රයන් වැදුවායයි ආබ්‍රහම්ට කියනලද්දේය;


ආබ්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය; ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය.


නුඹ කාගේ දියණියෝදැයි මට කියන ලෙස ඉල්ලමි. අපට නවාතැන් ගන්ට නුඹේ පියාණන්ගේ ගෙදර ඉඩ ඇද්දැයි කීය.


තවද: අප ළඟ සෑහෙන පමණ පිදුරුත් ගෝචරත් නවාතැනට ඉඩත් තිබෙනවායයි ඈ ඔහුට කීවාය.


මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.


නාහොර්ගේ පුත්‍රවූ ලාබන් අඳුනවුදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. අඳුනමුයයි ඔව්හු කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්