ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
උත්පත්ති 21:9 - Sinhala Revised Old Version මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ පුත්‍රයා ඊසාක්ට සරදම්කරනවා සාරා දුටුවාය. Sinhala New Revised Version ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. |
ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් බිහිනොකළාය. ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය.
භාගර් ආබ්‍රම් නිසා පුත්‍රයෙකු බිහිකළාය. ආබ්‍රම් වනාහි හාගර් බිහිකළාවූ තමාගේ පුත්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය.
මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.
ළදරුවා වැඩී කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙහි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය.
මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නුමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම්කළෝය.
එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.
මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි; මිනිසුන් අතරෙහි නින්දිතයෙක්මි, සෙනඟ විසින් හෙළාදක්නා ලද්දෙක්මි.
මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.
මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය.
නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.
තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.