ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 18:10 - Sinhala Revised Old Version

කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 18:10
15 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක.


මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක.


දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්‍රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.


එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.


නුඹේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.


ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක.


සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.


නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.


නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.


ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.