ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
උත්පත්ති 16:5 - Sinhala Revised Old Version සාරයි ආබ්‍රම්ට කථාකොට: මට වූ අයුත්ත නුඹ කෙරෙහි වේවා. මාගේ දාසිය නුඹේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය. Sinhala New Revised Version සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය. Sinhala New Revised Version 2018 සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය. |
ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළුකොට සැලකුවාය.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.
මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.
මාගේ දෙවියනි, මාගේ ස්වාමිනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.
දෙවියන්වහන්ස, මා විනිශ්චයකොට, අභක්තික ජාතියකට විරුද්ධව මා උදෙසා කාරණා කිව මැනව. කපටිවූ අසාධාරණවූ මනුෂ්‍යයාගෙන් මා මුදාගත මැනව.
ස්වාමීන්වහන්සේ මනුෂ්‍යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනි, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චයකළ මැනව.
ඔව්හු ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ නුඹලා දෙස බලා විනිශ්චයකරනසේක්වා; මක්නිසාද නුඹලා ඵාරාවෝ ඉදිරියෙහිද ඔහුගේ සේවකයන් ඉදිරියෙහිද අප දුර්ගන්ධයක් වෙන්ට සලස්වා අප මරන පිණිස ඔවුන්ගේ අතට කඩුවක් දුන්නහුයයි කීවෝය.
මටත් මාගේ මාංශයටත් කළ බලාත්කාරය බබිලෝනිය පිටට පැමිණේවයි සියොන්හි වැසියා කියනවා ඇත; මාගේ ලේ කල්දියාවේ වැසියන් පිටට පැමිණේවයි යෙරුසලමද කියනවා ඇත.
එබැවින් මම නුඹලාට විරුද්ධව වරදක් නොකෙළෙමි, නුමුත් මට විරුද්ධව යුද්ධකිරීමෙන් නුඹ මට අයුත්තක් කරන්නෙහිය. විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් හා අම්මොන් පුත්‍රයන් අතරේ අද විනිශ්චයකරනසේක්වයි කීවේය.
දාවිත් මේ වචන සාවුල්ට කියා තීන්දුකළ විට සාවුල් කථාකොට: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය නුඹේ හඬද කියා ශබ්දනගා ඇඬුවේය.