ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
උත්පත්ති 11:9 - Sinhala Revised Old Version ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක. |
ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.
තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් හාම්ගේ පුත්‍රයෝ නම් මොව්හුය.
ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.
මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.
ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි.
උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.
එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?